.හොංකොං මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පණත・ ඇමරිකාවේ නිෂ්ඵල උත්සාහයක්

2019-11-20 19:53:30
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකානු ‍කොංග්‍රස් මණ්ඩලය අඟහරුවාදා(19) .2019 හොංකොං මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පණත・ සම්මත කළේය. එය ද්විත්ව ප්‍රමිතීන් මත සිදු කළ අසාධාරණ පණතක් මෙන් හොංකොංහි ප්‍රචණ්ඩකරුවන් හා අපරාධකරුවන්ට අනුබලයක් දක්වමින් චීන අභ්‍යන්තර කටයුතුවල මැදිහත් වීමකි. චීනය ඊට දැඩි ලෙස විරෝධතා පළ කර ඇත.

වර්තමානයේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රචණ්ඩ හා අපරාධ සිද්ධි අඛණ්ඩව උග්‍ර වෙමින් පවතී. එහි ත්‍රස්තවාදී ලක්ෂණ පවා පෙන්නුම් කර ඇත. මෑතකදී හොංකොං වැසියන් ස්වේඡාවෙන් වීදිවලට පැමිණ ප්‍රචණ්ඩකරුවන් විසින් ඇති කළ මර්ග බාධාවන් ඉවත් කරමින් හොංකොං පොලීසියටත් කලාපීය රජයටත් අනුබලය දක්වා ඇත. ඇමරිකාව හොංකොං වැසියන්ගේ ජනමත හා ඉල්ලීම් නොතකා හොංකොංහි කටයුතුවලටත් චීන අභ්‍යන්තර කටයුතුවලටත් මැදිහත් වන එම පණත සම්මත කිරීම හොංකොංහි මිලියන 7.5ක ජනගහණය ඇතුළු සමස්ත චීන ජනතාවගේ දැඩි ‍ අප්‍රසාදය හා විරෝධයට ලක් වන අතර එය නිෂ්ඵල උත්සාහයක් වනු ඒකාන්තය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති