හොංකොං විරෝධතාකරුවන් දිරි ගන්වන ඇමරිකානු පණත

2019-11-21 19:21:44
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකානු ‍කොංග්‍රස් මණ්ඩලය පසුගියදා ‘2019 හොංකොං මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පණත’ සම්මත කළේය. එය චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ජගත් නීතිරීති හා ජගත් සබඳතා මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් නිසා චීනය ඊට දැඩි විරෝධය පළ කර ඇත. ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හෝ වේවා ‘මානව හිමිකම්’ හෝ වේවා හා සම්බන්ධයක් නැති එම පණත ප්‍රචණ්ඩකරුවන් හා අපරාධකරුවන්ට අනුබල දක්වමින් හොංකොංහි අරගල ඇති කරමින් චීනයට එදිරි ව සිදු කළ ක්‍රියාවක් බව පැහැදිලිය.

ලෝකයේ එකම සුපිරි බලවතෙකු වන ඇමරිකාව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීනතාව හා මානව හිමිකම් යන්න හේතු කොට ගෙන දාමරිකවාදය හා බලහත්කාර දේශපාලනය සිදු කිරීමට හුරු වන්නෙකි. බෝල්කන් අර්ධද්වීපයේ සිට මැදපෙරදිග කලාපය දක්වා, ඇෆ්ගනිස්ථානයේ සිට සිරියාව දක්වා, ගෙවී ගිය වසර 20ක් තුළ ඇමරිකාව ඒ ඒ හේතු මත යුක්ත රහිත සටන් රැසක් මෙහෙයවා ඇත. ඒවායෙන් ඇති වුණු මානුෂික විපත් ජගත් ප්‍රජාවේ දැඩි පිලිකුලට හේතු වී තිබේ.

හොංකොංහි අරගල තත්ත්වයන් මේ වන විට මාස 5ක් පවත්වා ගෙන ගොස් ඇත. ඇමරිකාව එහි ප්‍රචණ්ඩකරුවන් හා අපරාධකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා දෙස නොබලා ප්‍රසිද්ධියේ එහි නායකයන් හෙවත් හොංකොංහි ස්වාධීනත්වය සොයන පුද්ගලයන් හමු වූ අතර ඔවුන්ව දිරිමත් කළේය. එහෙත් සිය වෘත්තීය කටයුතුවල නිරත ‍හොංකොං පොලීසියට එරෙහි ව ඇමරිකාව විවේචනාත්මකව අදහස් පළ කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා ස්වාධීනතාව පිළිබඳ ජීවගුණය හුදෙක් අවමාන කිරීමක් මිස ඒවා ආරක්ෂා කිරීමක් නොවන බව ලෝ වැසියන්ට පැහැදිලිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති