ලෝක සංවර්ධන ගැටළු විසඳීමට චීනයේ අනුබලය

2019-11-21 19:46:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2019 නිර්මාණශීලිත්ව ආර්ථික සාකච්ඡාව අද(21) බෙයිජිංහිදීආරම්භ විය.

පරිපාලනය, විශ්වාසය, සාමය හා සංවර්ධනය යන ක්ෂේත්‍රවල පවතින ගැටළු විසඳා ගැනීම සඳහා චීන ජනතාව ලෝක ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට කැමති බව එම සාකච්ඡාවේදීචීන පාර්ශ්වය ප්‍රකාශ කළේය. ලෝකයේ ආර්ථීක ගෝලීයකරණය හා බහුපාර්ශ්විකවාදයට අනුබල දීමට චීනය සූදානමින් සිටින බව ද ප්‍රකාශ කෙරේ.

එම සාකච්ඡාවේදී චීනය ඉදිරිපත් කළ යෝජනාවලිය එහිනියෝජිතයන්ගේ ඉහළ ප්‍රශංසාවට ලක් විය. විවෘතව සහයෝගතා පැවැත්වීම සහ නිර්මාණශීලිත්වය හා අන්‍යෝන්‍යඅවබෝධය ඇතිකර ගැනීම ලෝක ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන සංකල්පය බව එමගින් පිළිබිඹු වේ. ඒ ඒ රටවල් නව වටයේ විද්‍යා තාක්ෂණ විප්ලවීය අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිය රටේ හා ලෝකයේ සංවර්ධනයට අඛණ්ඩව ශක්තිය එකතු කළ යුතු බව ද එම සාකච්ඡාවේදීඅවධාරණය කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති