ජාත්‍යන්තර අවධානය

ඇමරිකාව හා ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයේ නවතම පිළිබිඹුව

ඉරානයේ ඉස්ලාම් විප්ලවීය හමුදාවේ Al-quds බලකායේ අණදෙන නිලධාරී Qassem Soleimani මහතා ඇමරිකාවේ ගුවන් ප්‍රහාරයකට ලක් වී මිය ගිය පසු, මැද පෙරදිග කලාපයේ ඇමරිකාවේ ස්ථාන 35ක් සහ ඊශ්‍රායලයට අයත් Tel aviv නගරය සිය හමුදාවට ප්‍රහාර එල්ල කළ හැකි බව එම හමුදාවේ තවත් ඉහළ පෙලේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ

මැද පෙරදිග ප්‍රශ්නය ආයුධවලින් විසඳීම ගින්නට පිදුරු දැමීමක් වැනිය

@ඉරාන හමුදාවේ අණ දෙන නිලධාරී Qassem Soleimani ඇමරිකාව සිදු කළ ප්‍රහාරයෙන් මිය ගිය බව ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව සනාථ කර ඇත. එය මුළු ලෝකයම කම්පනයට පත් කරවන පුවතක් ලෙස සැලකේ. ඉරානයේ උත්තරිතර නායක Ayatollah Seyyed AliKhamenei ඇමරිකාවෙන් දැඩිව පළි ගන්නා බව ප්‍රකාශ කළේය

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත චීනයේ ශින් ජියංහි ජන ජීවිතය සම්බන්ධයෙන් මනස්කල්පිත නව කතාවක් නිර්මාණය කරයි

පසුගියදා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත, චීනයේ ශින් ජිං උයිගුර් ස්වායත්ත රජය මෙහෙයවන රැකියා නියුක්ති ව්‍යාපාරය හා එහි දිළිඳුකම පිටුදැකීමේ කටයුතු පිළිබඳව අපහාසාත්මක වාර්තාවක් පළ කළේය

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය විදේශීය දේශපාලනඥයන්ගේ මෙවලමක් නොවේ

මෑතකදී ඇතැම් විදේශීය දේශපාලනඥයෝ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනියට ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් හොංකොංහි පොලීසියට අපහාසාත්මකව චෝදනා ක‍ළහ. හොංකොංහි තත්ත්වය පිළිබඳ ස්වාධීන ජගත් පරීක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස ද ඔවුහූ එමගින් ඉල්ලා සිටිති

ගෝලීය පාලනය ගුණාත්මක ලෙස සිදු කිරීමට චීනය දායක වෙයි

ගෝලීය පාලනය ගුණාත්මක ලෙස සිදු කිරීමට චීනය දායක වෙයි.මෙම වසර අවසානයේදී ජාත්‍යන්තර වශයෙන් සිදු වූ සිදුවීම් දෙකක් ජගත් ප්‍රජාවේ අවධානයට යොමු වී ඇත. ඇමරිකාවේ බාධාවලින් ලෝක වෙළඳ සංවිධානයේ අභියාචන ආයතනයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් එය විධිමත් ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වීම ඒ අතරින් එකකි

චීනයේ දිළිඳු ජනතාව ඉන් මුදවා ගැනීම ඉහළම සාර්ථක්වයක

2019 වසරේ චීනය තවත් ‍කෝටියක ජනතාව දිළිඳුකමින් මුදාගෙන තිබේ. මේ වන විට රටේ සමස්ත දිළිඳු ජනගහණයෙන් 95%ක් ද දිළිඳු කෝරළවලින් 90%ක් ද දුගීභාවයෙන් මිදී ඇත. චීනයට දිළිඳුකම සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ඉලක්කය සැබෑ කිරීමට තවත් ඇත්තේ කෙටි කාලයක් පමණි

චීනය විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්ව මාවතේ ඉදිරි ගමනක

ඊයේ (27) චීනය සිය වැඩිම බරකින් යුත් ප්‍රවාහන රොකට්ටුව සාර්ථක ලෙස කක්ෂගත කළේ ය. එදින ම තමන් සතු වන බෙයි ඩෝ අංක 3 චන්ද්‍රිකා මඟ පෙන්වීමේ පද්ධතිය ගෝලීය සේවා ඇරඹීමේ යුගයට පිවිස ඇතැයි චීනය ප්‍රකාශ කළේ ය

ෂින්ජියං හී සත්‍ය තත්ත්වය සියල්ලන්ටම අවබෝධ වනු ඇතැයි අවධාරණ‍ය කෙරේ

 චීනයේ ශින් ජියං ප්‍රශ්නය පිළිබඳව චීන විරෝධී ආයතන හා පුද්ගලයන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇතැයි පසුගිය දා Grayzone නම් ඇමරිකාවේ ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවිය පළ කළ වාර්තාවකින් හෙළි කර තිබේ

2019 වසරේ චීනය ලෝකයට ගෙන දුන් සංවර්ධන ලාභ

 2019 වසරේ විවෘතභාවය චීනයේ සංවර්ධනය පිළිබිඹු වන වැදගත් වචනයක් වශයෙන් සැලකේ. විවෘතභාවය, ඇත්තෙන්ම චීනය ලෝකය වෙනුවෙන් සංවර්ධන ලාභ නිර්මාණය කිරීමේ තීරණාත්මක සාධකයකි. 2019 වසරේ චීනය වෙළඳාම පහසු කිරීමේ පියවර රැසක් ගනිමින් විදේශ වෙ‍ළඳාම ප්‍රවර්ධනය කර තිබේ

ස්ථාවර හා විධිමත් ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමට චීනය සමත් වෙයි

 2019 වසරේ සංකීර්ණ දේශීය හා ජාත්‍යන්තර තත්වයන්ට මුහුණ දුන්න ද ස්ථාවර හා විධිමත් ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමට චීනය සමත් වෙයි. චීන ආර්ථික වර්ධනයෙන් පෙන්නුම් කෙරුණු එම නම්‍යශීලිත්වයට සාධක රැසක් බල පා තිබේ. අධික ජනගහණයෙන් බිහි වූ දැවැන්ත වෙළඳ පොළක් සතුව තිබීම එහි පළමු සාධකය වේ. බිලියන 1

HomePrev12345...NextEndTotal 10 pages