මෙම වසරේ චීනයේ සියයට 6.5ක ආර්ථික වර්ධනයක් ඉටු කිරීම නිසැක බව ප්‍රකාශ කෙරේ

2018-12-14 19:21:10
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙම වසරේ චීනයේ සියයට 6.5ක ආර්ථික වර්ධනයක් ඉටු කිරීම නිසැක බව ප්‍රකාශ කෙරේ


මේ වසරේ සියයට 6.5ක ආර්ථික වර්ධනයක් ඉටු කිරීම නිසැක බව චීන ජාතික සංඛ්‍යාලේඛණ පරිපාලනය පවසයි.

පසුගිය වසරට සාපේක්ෂව පාරිභෝජන වර්ධනය නොවැම්බර් මාසය තුළ 8.1%කින් වර්ධනය විය. එහෙත් ඔක්තෝබර් මාසයේ 8.6%ක වර්ධනයට සාපේක්ෂව එය තරමක අඩු වීමක් බව ජාතික සංඛ්‍යාලේඛන කාර්යංශය පවසයි සමස්තයක් ලෙස වර්ධනයේ සාමාන්‍ය අගය ස්ථාවර මට්ටමක පවතින බව එහි නිළධාරියෙක් වන මාඕ ෂෙන්ග්යොන්ග් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අන්තර්ජාල මිලදී ගැනීම් වලට අදාලව චීනයේ පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ පසුගිය නොවැම්බර් මාසයේත් අඛණ්ඩ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කල බව නිල වාර්තා පෙන්වා දෙයි.

චීන ආර්ථිකයේ වැදගත් දර්ශකයක් ලෙස කර්මාන්ත නිෂ්පාදනය පසුගිය වසරට වඩා 5.4%ක වර්ධනයක් නොවැම්බර් මාසයේ පෙන්නුම් කර තිබේ.

චීනයේ ස්ථාවර වත්කම් ආයෝජන වර්ධනයද පුළුල් ලෙස ආර්ථිකයට දායකත්වයක් සපයා ඇත.

එය පසුගිය වසරට වඩා 2018 වසරේ පළමු මාස 11 තුල 5.9%ක් වර්ධනයක් අත්පත් කරගත් අතර අන්තර්ජාල වෙළඳාම සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා 5.7%ක ඉක්මන් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

චීනයේ මූල්‍ය ආදායම මුල් මාස 11 තුල 6.5%කින් පසුගිය වසරට වඩා ‍වර්ධනය වී ඇති අතර එය යුවාන් ට්‍රිලියන 17.23 ක් එනම් ඇ.ඩො ට්‍රිලියන 2.5ක් බව නිල දත්ත වාර්තා වල දැක්වේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති