ලෝක අන්තර්ජාල සමුළුවට චීන ජනපතිගෙන් සුභපැතුම්

2019-10-20 19:14:25
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

6 වැනි ලෝක අන්තර්ජාල සමුළුවට චීන ජනපති සුභපැතුම් පිරිනමයි.

එම සමුළුව අද (20) ආරම්භ වුයේ චීනයේ චර්චිඅං පළාතේ වුචෙන් නගරයේදීයි.

මේ වසර අන්තර්ජාලයේ 50 වැනි උපන් දිනය යෙදෙන වසර බව ෂී ජින් පිං මහතා සිය සුභපැතුම් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

අන්තර්ජාලය හේතුවෙන් විද්‍යාත්මක, තාක්ෂණික විප්ලවය හා කාර්මික පරිවර්ථනය නව තලයකට පැමිණ ඇතැයි පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ හේතුවෙන් නව තාක්ෂණය, නව යෙදවුම් හා කෘත්‍රිම බුද්ධිය, විශාල දත්ත වැනි නවීන ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වී ඇතැයි ද පැවසීය.

රටවල් නවීන ප්‍රවණතා අධ්‍යයනය කළ යුතු බවත්, සංවර්ධන වගකීම් උරහිස් මත තබා ගත යුතු බවත්, අභියෝග හා අවධානම් හඳුනාගත යුතු බවත්, ලෝක පාලනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා සිය සුභපැතුම් පණිවුඩයෙන් පෙන්වා දී ඇත.

ඔහු පැවසුවේ ඒ හරහා සයිබර් අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගිය හැකි බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති