Xiang Shan සාකච්ඡා සභාවට චීන ජනපතිගෙන් සුභ පැතුම්

2019-10-21 14:12:34
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 9වැනි බෙයිජිං Xiang Shan සාකච්ඡා සභාවට සුභ පැතුම් පිරිනමයි.

අද(21) බෙයිජිංහි ආරම්භ වූ මෙම සාකච්ඡා සභාව අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක සහයෝගීතා හා ආසියා-ශන්තිකර කලාපයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා සභාව ලෙස හැඳින්වෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුභ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දුන්නේ සංවාදවලින් සහයෝගතා ප්‍රවර්ධනය කරමින් සිටින චීනය සහයෝගතාවලින් සාමය ඉදිරියට මෙහෙයවන අතර සාමකාමී ක්‍රමවලින් සංවර්ධනය ඉටු කිරීමට තරයේ ම කැමැත්තක් දක්වන බවයි.

ආසියා-ශන්තිකර කලාපයේ දිගුකාලීන සාමය සුරැකීම වෙනුවෙන් විවිධ රටවල් පෙනී සිටිය යුතු යැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. සංකීර්ණ ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමේදී විවිධ රටවල් එකමුතුවෙන් රැඳී සිටිය යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍රීය කරගත් ජාත්‍යන්තර පද්ධතිය තරයේ ම ආරක්ෂා කළ යුතු ය. එමගින්, නව ක්‍රමවලින් යුක්ත ආරක්ෂක හවුල්කාරී සබඳතා අඛණ්ඩ ව යහපත් කරමින් ආසියා-ශන්තිකර කලාපයේ සදාකාලීන සාමය හා පොදු ආරක්ෂාව වඩාත් මැනවින් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙන බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුභ පැතුම් පණිවුඩය මගින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති