මේ වසරේ පළමු කාර්තු තුන තුළ චීන ආර්ථික වර්ධනය සියයට 6.2 ක්

2019-10-21 17:09:04
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකය ලෙස මේ වසරේ පළමු කාර්තු තුන තුළ චීනයේ ආර්ථික වර්ධනය සියයට 6.2 ක් වූ බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ මේ වස‍රේ චීනයේ ඉලක්ක ගත ආර්ථික වර්ධනය සියයට 6 ත් 6.5 ත් අතර වන බවයි.

‍මේ අතර විදේශ මාධ්‍ය වර්තමාන චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අසත්‍ය බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම සඳහන් කළේය.

එම කොමිසමේ ප්‍රකාශක Yuan Da මහතා බෙයිජිංහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ එවැනි සැක සහිත ප්‍රකාශවලට කිසිදු පදනමක් නොමැති බවයි.

ඔහු එහිදී ආර්ථික දත්තයන් රැසක වර්ධනය ගෙන හැර දැක්වීය.

ඔහු පැවසුවේ ගෙවී ගිය ජාතික නිවාඩු සමයේ පුද්ගලයින් මිලියන 500 ට අධික පිරිසක් සංචාරය කර ඇති බවයි.

එසේම පළමු මාස 9 තුළ චීනයේ බලශක්ති පරිභෝජනය සියයට 4.4 කින් ඉහළ ගොස් ඇති බවත්, භාණ්ඩ ධාරිතාව සියයට 5.9 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

එබැවින් මෙවැනි ආදායම් මාර්ග ආර්ථික වර්ධනයට සෘජුව බලපා ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගේ වර්ධනය ඉක්මවා යමින් මේ වස‍රේ තුන්වැනි කාර්තුවේ චීන ආර්ථික වර්ධනය වේගය සියයට 6 ක් වනු ඇති බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති