චීනය විසින් පරිත්‍යාග කරන ලද දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ ශ්‍රවණාගාරය විවෘත කෙරේ

2018-12-16 16:09:49
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය විසින් පරිත්‍යාග කරන ලද දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්විණ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලංකාවේ චීන තානාපති Cheng Xue yuan මහතා ඊ‍ට එක්වූහ.යුධ හමුදාපතිවරයා,චීන හමුදා නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා හමුදාවේ උසස් නිලධාරිහු 150 දෙනෙක් පමණ එම උත්සවයට සහභාගි වූහ.

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය දෙරටේ ජනතාව‍‍ ගේ හදවත් තුළ ගැඹුරින් පවතී. අලංකාර ශ්‍රවණාගාරයක් පරිත්‍යාග කිරීම පිළිබඳව චීනයට ස්තුතිය පුද කරන බව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ අධ්‍යක්ෂජනරාල්වරයා සඳහන් කළේය.එම ගොඩනැගිල්ල දෙරටේ සහ දෙරටේ හමුදා අතර සුහද සබඳතා ශක්තිමත් කරන්නක් බව ඔහු පෙන්වා දුන්නේය.

සුහද අසල්වැසියන් හා මිත්‍රයන් වශයෙන් චීනය සහ ශ්‍රී ලංකාව සැම විට ම අන්‍යෝන්‍යවශයෙන් අනුබල දෙමින් සමාන දිසා කරා ගමන් කරනු ඇති බව තානාපති Cheng Xue yuan මහතා එම උත්සවයේදී ප්‍රකාශකළේය.

චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදි කරන ලද ප්‍රථම හමුදා අංශ ව්‍යාපෘතිය වශයෙන් එම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් විශාලත්වය වර්ග මීටර් 7200කි.වසර 2014රේ ඔක්තෝබර් මාසයේ එහි ඉදි කිරීම ආරම්භවිය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති