ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

2019-10-21 18:22:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ(20) පස්වරුවේ පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තරුණයන් බලගැන්වීම, අදහස් පුළුල් කිරීම, අවි ආයුධ නොගෙන ප‍්‍රශ්න විසඳන ආකාරය අවබෝධ කරවීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබිණ.

දිවයිනම නියෝජනය වන අයුරින් තරුණ තරුණියන් 400 ට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් මෙන්ම පරමාදර්ශී චරිත ද විය යුතු බවයි.

උගතුන් සිටින රටක ගැටලූ අවම වන අතරම, එම රට සංවර්ධනය කරා ගමන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට රාජ්‍ය පාලනය ද යහපාලනයක් බවට පත් වන බව සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති