බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා පැවැත්විය නොහැකි බව යුරෝපා සංගමය පවසයි

2018-12-14 15:30:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා පැවැත්විය නොහැකි බව යුරෝපා සංගමය පවසයි

බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා පැවැත්විය නොහැකි බව යුරෝපා සංගම් නායකයෝ බ්‍රිතානයට දැනුම් දෙති. දෙදින සමුළුවක් සඳහා යුරෝපා නායකයෝ බ්‍රසල්ස් නුවරට රැස්වූහ. බ්‍රෙක්සිට් ගිවිසුම, අයවැය හා සංක්‍රමණ පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ විය.‍ බෙක්සිට් ගිවිසුම අනුමත කර ඇති ආකාරයට ඉදිරියට ගෙනයාම සහ සාකච්ඡා සඳහා යළි විවෘත නොකිරීම යුරෝපා සංගම් නායකයන් ගේ ස්ථාවරය බව යුරෝපා සභාවේ සභාපතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය. අදාළ ගිවිසුමට යම් පැහැදිලි කිරීම් එකතු කළ හැකිවුවත් යළි සාකච්ඡාවක් නොමැති බව යුරෝපා කොමිසමේ සභාපතිවරයා ද එහිදී සඳහන් කළේය.බ්‍රිතාන්‍ය අගමැතිවරිය සිය පක්ෂයෙන් ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයගෙන සිටි ඇති අවස්ථාවක යුරෝපා සංගමයේ මෙම සමුළුව පැවැත්විණ. ගිවිසුමේ අන්තර් ගත අයර්ලන්ත දේශසීමාවන් පිළිබඳ ගැටළුවක් මත එය සම්මත කරගැනීමේ අභියෝගයකට බ්‍රිතාන්‍ය අගමැතිවරිය මුහුණ දී සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති