බටහිර රටවල ද්විත් ප්‍රමිති පැහැදිලිව දක්නට ලැබේ

2019-10-20 17:02:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ස්පාඤ්ඤයේ කැටලෝනියා ස්වායත්තය 2017 වසරේ ඔක්තෝබර් මාසයේ ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණයේ තීන්දු නොතකා ඊනියා “ස්වාධීන”ජනමත විචාරණයක් පැවැත්වීය. ස්පාඤ්ඤ රජය එම වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේ කැටලෝනියා ස්වායත්තයේ ස්වයංපාලන බලය අහිමි කළේය. ඔක්තෝබර් මස 14වැනිදා ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය කැටලෝනියා ස්වායත්තයේ හිටපු උප සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන දඬුවම් කළේය. ඉන් පසු බාසිලෝනා නගරයේදී අඛණ්ඩව විරෝධතා පෙළපාළි හා ගැටුම් සිදු විය. හොංකොංහි විරෝධතාකරුවන්ට නොකඩවාම අනුබල දෙන බටහිර රටවල රජයන්, ජාත්‍යන්තර සංවිධාන හා මාධ්‍යයන් තම තමන්ගේ අයිතිවාසිකම් සලකා බාසිලෝනාහි විරෝධතා හා ගැටුම් සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිති. ද්විත් ප්‍රමිති ඉන් පැහැදිලිව දැක්වේ.

යුරෝපා සංගමය නිදහස හා ස්වයං තීරණය ව්‍යාප්ත කරන්නෙකු යැයි කියා සිටින අතර සෑම විටම සෙසු රටවලට දේශනා කිරීමට පසුබට නොවන බව ඉන්දීය ශාස්ත්‍රඥ Madhav Das Nalapat මහතා පසුගිය 18වැනිදා ලිපියක් පළ කරමින් පැවසීය. කෙසේ වෙතත්, යුරෝපා සංගමයට “ව්‍යතිරේක”ද තිබේ. නිදසුනක් වශයෙන්, ලිබියාව සහ සිරියාව වැනි රටවලදී නේටෝ සංවිධාන සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද මානව හිමිකම් අර්බුදය යුරෝපා සංගමය බොහෝ විට නොසලකන බව ද හෙතෙම එහිදී පෙන්වා දුනනේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති