චීන-ෆැසිපික් දූපත් රටවල සහෝගිතා සාකච්ඡා සභාව සැමෝවාහිදී ඇරඹේ

2019-10-21 15:14:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

3වැනි චීන-ෆැසිපික් දූපත් රටවල ආර්ථික සංවර්ධන හා සහෝගිතා සාකච්ඡා සභාව අද (21) සැමෝවාවේ අපියා අගනුවරදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

2018 වසරේ නොවැම්බර් මාසයේ ෂී ජින් පිං මහතා ෆැසිපික් දූපත් රටවල නායකයන් සමග පැපුවා නිව්ගිනියාවේදී සාකච්ඡා පැවැත්විය. දෙපාර්ශ්වය අතර පවතින සම්බන්ධතාව අන්‍යෝන්‍ය ගෞරවය හා ‍පොදු සංවර්ධනය පදනම් වන පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතාව දක්වා ඉහළ නංවාලීමට එහිදී එකඟතාව පළ විය. එම සාකච්ඡා චීනය හා ෆැසිපික් දූපත් රටවල සම්බන්ධතාව නව අදියරකට ගෙන ගිය බව ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරයි. 3වැනි චීන-ෆැසිපික් දූපත් රටවල ආර්ථික සංවර්ධන හා සහෝගිතා සාකච්ඡා සභාව පැවැත්වීම, තමන් සහ ෆැසිපික් දූපත් රටවල නායකයන් එළඹි වැදගත් එකඟතාවක් බව හෙතෙම පවසයි. මෙවන් වැදගත් වේදිකාවක් මගින් ද්විපාර්ශ්වික සහ‍යෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් බලාපොරොත්තුව පළ කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති