සිරියාවෙන් ඉවත් කරන ඇමරිකානු භටයින් ඉරාකයට

2019-10-21 16:57:51
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඊසානදිග සිරියාවෙන් ඉවත් කරන ඇමරිකානු යුද හමුදා බටහිර ඉරාකයට යොමු කෙරේ.

ඇමරිකානු ආරක්ෂක ලේකම් Mark Esper මහතා පැවසුවේ ඊසානදිග සිරියාවෙන් ඉවත් කිරීමට සැළසුම් කළ ඇමරිකානු යුද හමුදා භටයින් දහසක් පමණ බටහිර ඉරාකයට යොමු කරනු ඇති බවයි.

එම හමුදා පිරිස අයි එස් ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට එක් වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ඉවත් කිරීම සති කිහිපයක් තුළ සිදු කෙරේ.

Mark Esper මහතා පැවසුවේ ඉරාකයට ළඟා වීමෙන් පසු ඉරාකයේ ආරක්ෂක කටයුතු වලට සහය ලබා දීම සහ අයි එස් ත්‍රස්තවාදීන් මර්දනය යන ප්‍රධාන වගකිම් දෙක එම හමුදා පිරිසට පවරා දෙන බවයි.

දැනට ඇමරිකානු හමුදා භටයෝ 5200 ක් ඉරාකයේ රැදි සිටිති.

ඉරාක ආරක්ෂක හමුදාවට පුහුණුව ලබා දීම, යුද්ධ උපදේශකයින් ලෙස කටයුතු කිරීම හා ඉරාකයේ සිටින අයි එස් ත්‍රස්තවාදීන් මර්දනය ඔවුන්ගේ වගකීම් ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති