චීන-යුරෝපා ව්‍යාවසායන්ගේ නායක සමුළුව ලන්ඩන්හිදී ඇරඹේ

2019-06-11 19:35:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

10වැනි චීන-යුරෝපා ව්‍යාවසායන්ගේ නායක සමුළුව ලන්ඩන්හිදී ඇරඹේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ඊයේ(10) ඇරඹි මෙම සමුළුව දින 6ක් පැවැත්වීමට නියමිතයි. නිර්මාණශිලිත්වය, පුනර්ජීවනය සහ පොදු ජයග්‍රහණය : චීනය හා යුරෝපය අතර ව්‍යාපාරික සහයෝගීතාවයේ නව යුගයකට ඇතුළත් වීම‍ මෙවර සමුළුවේ තේමාවයි. චීනය හා යුරෝපයෙන් පැමිණි දේශපාලන නායකයින්, ව්‍යාවසායකයින්, විශේෂඥයින් සහ විද්වතුන් 500ක් පමණ මෙයට සහභාගි වෙයි. චීනයේ විවෘත ප්‍රතිපත්තිය, ගෝලීය ආර්ථික පරිසරය සහ චීන-යුරෝපා විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහයෝගීතාව යන උණුසුම් මාතෘකා පිළිබඳ ව ඔවුහු ගැඹුරින් සාකච්ඡා කරති.

ආරම්භක උත්සවයේදී බ්‍රිතාන්‍යයේ සිටින චීන තානාපති Liu Xiaoming මහතා පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථිකය යහපත් කිරීම, බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීම සහ නිදහස් වෙළෙඳාම යන වැදගත් ප්‍රශ්න කෙරෙහි චීනය සහ යුරෝපය අතර දිගු කාලයක් අඛණ්ඩ ව පුළුල් එකඟතා පැවති බවයි. නව යුගයේ චීන-බ්‍රිතාන්‍ය සහයෝගතාවට ද ඉතා පුළුල් අනාගතයක් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මෑත වසරවල බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ආර්ථිකය අධි වේගයකින් සංවර්ධනය වෙමින් පවතී. මෙය සමස්ත ලෝකයේ වැදගත් ම ‍ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතාවක් බව බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ ආයෝජන ඇමති Graham Stuart මහතා පැවසුවේ ය. ගෝලීය නිදහස් වෙළඳාමේ ක්‍රියාකාරී රටක් වීමට උත්සාහ දරන බ්‍රිතාන්‍යය, සෙසු රටවලට වෙළඳාම් ආරක්ෂාව පිළිබඳ කිසිඳු බාධාවක් නිර්මාණය නොකරනු ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති